Savory Couscous & Vegetable Salona

 

Savory Couscous (04 දෙනෙක් සඳහා)

අවශ්‍ය ද්‍රව්‍ය

තරමක කැබලි ලෙස කපාගත් ඛෙල් පෙපර් 250g
තම්බාගත් ග්‍රීන් පීස් සහ කෝන් ඇට 150g
තරමක් කුඩාවට කපාගත් හතු 100g
සිහින්ව පොඩිකර ගත් බී ලුනූ හා සුදු ලුනූ මේස හැඳි 02 බැගින්
බේ ලීෆ් කොළ 02 ක් හා තයිම් හර්බ්ස් තේ හැඳි 1/2
Beehive Plus Margarine 40g
Fortune Sunflower Oil මේස හැඳි 04
කුස් කුස් ඇට 200g
වතුර ලීටර 1/2
ලූණු සහ සුදු ගම්මිරිස් කුඩු රසපදමට
සිහින්ව පොඩිකරගත් පාස්ලි
කුඩාවට කපාගත් තක්කාලි කැබලි කිහිපයක්
Vegetable Salona (04 දෙනෙක් සඳහා)

Fortune Sunflower Oil මේස හැඳි 04
තරමක කැබලි ලෙස කපාගත් කැරට්, බෝංචි, Cauliflower හා අර්තාපල් 500g
බැදගත් වම්බටු හා බණ්ඩක්කා කැබලි 250g
සිහින්ව පොඩිකරගත් තක්කාලි (ලෙලි ඉවත්කර) 200g
සිහින්ව පොඩිකරගත් බී ලුනූ සහ සුදු ලුනූ මේස හැඳි 02
Dry Lime ගෙඩි 01
ලූණු සහ ගම්මිරිස් කුඩු රස පදමට
Paprika Powder තේ හැඳි 1 1/2
කහ කුඩු තේ හැඳි 1/2
තම්බාගත් කඩල 100g
තක්කාලි පියුරි කෝප්ප 02
සූදුරු සහ කොත්තමල්ලි කුඩු තේ හැඳි 02
සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්

 

Savory Couscous සාදන ආකාරය

භාජනයක් ලිප තබා එයට Fortune Sunflower Oil හා Beehive Plus Margarine එකතු කරන්න.

තෙල් රත්වන විට සිහින්ව පොඩිකරගත් සුදු ලුනූ හා බී ලුනූ, තරමක කැබලි ලෙස කපාගත් ඛෙල්පෙපර් තෙල් එකට එක්කරමින් හොඳින් මිශ්‍ර කරන්න.
එම තෙම්පරාදු මිශ්‍රණයටම කපාගත් හතු, කෝන් ඇට හා ග්‍රීන් පීස් එක්කර හොඳින් මිශ්‍ර කරගනිමින් තෙම්පරාදු කරගන්න.

ඉන්පසුව මෙම තෙම්පරාදු මිශ්‍රණයට රසපදම අනුව ලූණු කුඩු, ගම්මිරිස්, තයිම් හර්බ්ස් හා බේ ලීෆ් එක්කර ගන්න.

අනතුරුව මෙයට කුස් කුස් ඇට එක්කර සියල්ල හොඳින් මිශ්‍රකරගන්න.එයට වතුර එක්කර උතුරන තෙක් පිසගන්න.

කුස් කුස් මිශ්‍රණය උතුරන තත්වයට පැමිණි පසු භාජනයේ පියන වසා විනාඩි 05 ක් පමණ පිසගන්න.

පිළිගැන්වීමේදී කුඩාවට කපාගත් තක්කාලි හා සිහින්ව ලියාගත් පාස්ලි ස්වල්පයක් ඉස ගන්න.
Vegetable Salona සාදන ආකාරය
භාජනයක් ලිප තබා එයට Fortune Sunflower Oil එක්කර තෙල් හොඳින් රත්කර ගන්න.

රත්වූ තෙලට කුඩාවට පොඩිකරගත් බී ලුනූ, සුදු ලුනූ හා තක්කාලි එක්කරන්න.එය හොඳින් තෙම්පරාදු වන අතරතුර මෙම තෙම්පරාදු මිශ්‍රණයට කහ කුඩු ස්වල්පයක්, සූදූරු කුඩු, කොත්තමල්ලි කුඩු හා තක්කාලි පියුරි එක්කර මිශ්‍රකර ගන්න.

ඉන්පසුව මෙම මිශ්‍රණයට කපාගත් එළවළු එක්කර හොඳින් මිශ්‍රකර ගන්න.එයටම වතුර ස්වල්පයක්ද එක්කර ගන්න.

තම්බාගත් කඩල හා Dry lime ගෙඩියක් එක්කර මිශ්‍රකර ගනිමින් මිශ්‍රණය තරමක් තමිබා ගන්න.

මිශ්‍රණය තැම්ඛෙන අතර එයට රස පදම අනුව ලූණු ගම්මිරිස් හා Paprika Powder එක්කර මිශ්‍රකරගන්න.

gravy එක උතුරන මට්ටමට පැමිණි පසු භාජනයේ මූඩිය වසා තරමක් තම්බා ගන්න.
තරමක් තම්බාගත් gravy එකට බැදගත් බණ්ඩක්කා හා වම්බටු එක්කර මිශ්‍රකර ගන්න. කොත්තමල්ලි කොළ ස්වල්පයක් ද මෙයට එක්කර ගන්න.
පිළිගැන්වීමට පෙර කලින් එක්කළ Dry lime ගෙඩිය ඉවත් කරන්න.

පිළිගැන්වීමේ දී කොත්තමල්ලි කොළ ස්වල්පයක් මතුපිටින් ඉසගන්න.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *