Seafood Jambalaya & Pan Chicken Casserole

 

Seafood Jambalaya (04 දෙනෙක් සඳහා)

අවශ්‍ය ද්‍රව්‍ය
තරමක කැබලි ලෙස කපාගත් කකුඵවන් 600g
පිරිසිදුකර ගත් ඉස්සන් 400g
පිරිසිදු කරගත් දැල්ලන් 250g
අබ ක්‍රීම් මේස හැඳි 01
Fortune Sunflower Oil මේස හැඳි 06
සිහින්ව පොඩිකරගත් බී ලුනූ, සුදු ලුනූ හා සැල්දිරි මේස හැඳි 02 බැඟින්
තරමක කැබලි ලෙස කපාගත් ඛෙල් පෙපර් 150g
තරමක කැබලි ලෙස කපාගත් තක්කාලි 150g
තක්කාලි පියුරි කෝප්ප 01
බේ ලීෆ් කොළ 02 ක් සහ තයිම් හර්බ්ස් තේ හැඳි 01
Fortune Soya Sauce මේස හැඳි 01
Fortune Everyday බාස්මතී සහල් 400g
වතුර හෝ ස්ටොක් වතුර
ලූනු සහ ගම්මිරිස් රස පදමට
සිහින්ව පොඩිකරගත් පාස්ලි මේස හැඳි 01

Pan Chicken Casserole (04 දෙනෙක් සඳහා)

පිරිසිදු කරගත් කුකුඵ මස් 1200g ( කටු සහිතව )
කුඩා රතු ලුනූ ගෙඩි 150g
Button Mushrooms හා Black Mushroom 200g
කුඩාවට කපාගත් කැරට් සහ සැල්දිරි දඬු 200g
ලූණු කුඩු හා ගම්මිරිස් රස පදමට
Fresh Cream මේස හැඳි 04
Beehive Plus Margarine 40g
Fortune Sunflower Oil මේස හැඳි 02
Fortune කෘත්‍රිම විනාකිරි මේස හැඳි 06
පාන් පිටි මේස හැඳි 02
වතුර හෝ ස්ටොක් වතුර කෝප්ප 02
Bouquet Garni
සිහින්ව පොඩිකරගත් පාස්ලි ස්වල්පයක්
අබ ක්‍රීම් මේස හැඳි 01

Seafood Jambalaya සාදන ආකාරය

පිරිසිදු කරගත් දැල්ලන් හා කකුළුවන් මතට ලූණු කුඩු හා සුදු ගම්මිරිස් කුඩු එක්කර ගන්න. මෙයට අබ ක්‍රීම් ස්වල්පයක්ද එක්කර මිශ්‍රකර ගනිමින් හොඳින් පදම් කරගන්න.

භාජනයක් ලිප තබා එයට Fortune Sunflower Oil එක්කරන්න.
තෙල් හොඳින් රත්වන විට එයට සිහින්ව පොඩිකරගත් බී ලුනූ, සුදු ලුනූ හා සැල්දරි එකතු කරන්න.
මෙයට කලින් පදම් කරගත් Seafood ද එක්කරගන්න.
මෙම මිශ්‍රණයටම ඛෙල් පෙපර්, කපාගත් තක්කාලි හා තක්කාලි පියුරි ද යොදා ගනිමින් මිශ්‍ර කර ගන්න.
ඉන්පසුව විනාඩි 15 කට පෙර පොඟවාගත් Fortune Everyday බාස්මතී සහල් Seafood එකට එක්කර මිශ්‍රකර ගනිමින් සහල් ප්‍රමාණය මෙන් 1 1/4 ක වතුර ප්‍රමාණයක් එක්කර ගන්න.( මේ වෙනුවට ස්ටොක් වතුරද යොදා ගත හැකිය)
මෙයට රස පදමට ලූණු, ගම්මිරිස්, තයිම් හර්බ්ස් හා බේ ලීෆ් කොළ 2 ක් එක් කරන්න. උතුරන තුරු භාජනයේ මූඩිය වසා පිසගන්න. බත් එක උතුරන තත්වයට පැමිණි පසු මද ගින්නේ විනාඩි 15ක් පිසගන්න.

Pan Chicken Casserole සාදන ආකාරය
පළමුව අබක්‍රීම්, ලූණු කුඩු, සුදු ගම්මිරිස් කුඩු හා පාන් පිටි මිශ්‍රකර හොඳින් පදම් කරගන්න.
භාජනයක් ලිපතබා එයට Fortune Sunflower Oil හා Beehive Plus Margarine එකතු කර රස පදමට ලූණු හා ගම්මිරිස් ද යොදා ගන්න.
එයටම කපාගත් කැරට්, බී ලුනු, රතු ලුනූ, සැල්දරි හා බෝංචි එකතු කර රස පදමට ලූණු හා ගම්මිරිස් ද එක්කරන්න.
මෙයට වතුර කෝප්ප 2ක් පමණ එකතු කර ගන්න.
ඉන්පසුව මෙම මිශ්‍රණයට Bouquet Garni පාර්සලය ( ගම්මිරිස් ඇට 2ක්, පාස්ලි පොකුරක්, සැල්දරි දඬු කැබැල්ලක්, බේ ලීෆ් කොළයක් යන මේ අමු ද්‍රව්‍ය ලීක්ස් කොළයක ඔතා පාර්සලයක් ආකාරයට සකසා ගන්න ) එක්කර භාජනයේ මූඩිය වසා මස් ටික තම්බා ගන්න.
මස් ටික තරමක් තැම්බුන පසු හතු වර්ග එක්කර යළිත් මූඩිය වසා තම්බා ගන්න.
විනාඩි 15 කින් පමණ කලින් එක්කළ Bouquet Garni පාර්සලය ඉවත් කරගන්න.
හතු එක්කර තරමක් වේලා තම්බා ගත් පසු කෘත්‍රිම Fortune විනාකිරි හා ලූණු ස්වල්පයක් ද Fresh Cream ද මෙයට එක්කර පිසගන්න.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *