Grilled Seafood Brochette & Matchstick Potatoes

 

Grilled Seafood Brochette (4 දෙනෙක් සඳහා)

අවශ්‍ය ද්‍රව්‍ය

තරමක කැබලි ලෙස කපාගත් මොදා හෝ මලටි වර්ගයට අයත් මාඵ 600g
පිරිසිදු කරගත් ලොකු ඉස්සන් 800g
තරමක ලොකු කැබලි ලෙස කපාගත් දැල්ලන් 800g
ලූණු කුඩු හා ගම්මිරිස් කුඩු රස පදමට
දෙහි යුෂ ස්වල්පයක්
සිහින්ව පොඩිකරගත් තයිම් හර්බ්ස් තේ හැඳි 01
අබ ක්‍රීම් මේස හැඳි 02
Kebab Sticks 8 ක් පමණ
Fortune Corn Oil මේස හැඳි 05
තරමක කැබලි ලෙස කපාගත් ඛෙල් පෙපර් 450g
ලෙමන් ගෙඩියක්
පාස්ලි ඉති කිහිපයක්

 

Butter Sauce

අවශ්‍ය ද්‍රව්‍ය
Fresh Cream මේස හැඳි 04
Fortune කෘත්‍රිම විනාකිරි මේස හැඳි 02
Beehive Margarine 80g
ලූණු කුඩු හා ගම්මිරිස් කුඩු රස පදමට

 

Matchstick Potatoes

අවශ්‍ය ද්‍රව්‍ය

ගිනිකූරු හැඩයට කපාගත් අර්තාපල් 400g
Fortune Vegetable Oil
ලූණු කුඩු හා සුදු ගම්මිරිස් කුඩු රස පදමට

 

Grilled Seafood Brochette සාදන ආකාරය
පිරිසිදුකර කොටු හැඩයට කපාගත් මාළු, දැල්ලන් හා ලොකු ඉස්සන් කළු ගම්මිරිස් කුඩු, තයිම් හර්බ්ස් හා දෙහි ඇඹුල් ස්වල්පයක් යොදා පදම් කරගන්න.මෙයට අබ ක්‍රීම් ස්වල්පයක්ද එක්කරන්න.
ඉන්පසුව Kebab Stick එකක් ගෙන එහි පළමුව ඛෙල්පෙපර් කැබැල්ලක් අමුණා ගන්න. ඉන්පසුව පදම් කරගත් මාළු කැබැල්ලක්, පදම් කරගත් දැල්ලන් කැබැල්ලක්, යළිත් ඛෙල් පෙපර් කැබැල්ලක්, පදම් කරගත් ඉස්සන් 2ක් හා ඛෙල් පෙපර් කැබැල්ලක් වන අයුරින් අමුණා ගන්න.

සාස්පානක් ගෙන එය හොඳින් රත්වන විට එයට Fortune Corn Oil එක්කරන්න. Kebab Stick වල අමුණා සකසාගත් Brochette මෙයට එක්කර භාජනය පියනකින් වසා මාළු හොඳින් පිසගන්න.

 

Matchstick Potatoes සාදන ආකාරය
පොතුහැර සුද්ද කරගත් අර්තාපල් ගෙඩිවල දෙපැත්ත කපා ඉවත්කර කොටු හැඩයට සකසා ගන්න.මෙම කොටු හැඩයට සකසා ගත් පසු එය ඉතා සිහින් තීරු ආකාරයට එනම් ගිනිකූරු හැඩයට සිටින සේ කපාගන්න.

මෙසේ කපාගත් අර්තාපල් කහට පිපීම වළක්වා ගැනීමට අයිස් වතුර භාජනයකට එක්කරන්න.
ඉන්පසුව හොඳින් වතුර පෙරා වතුර නොරැඳෙන සේ අර්තාපල් තීරු ටික තෙතමාත්තු කරගන්න.(මේ සඳහා පිරිසිදු වියළි රෙදිකඩක් භාවිතා කළ හැකියි)

සාස්පානක් ගෙන ගැඹුරු තෙලේ බැදීමට ප්‍රමාණවත් තරමට Fortune Vegetable Oil එකතු කරන්න.තෙල් හොඳින් රත්වූ පසු හොඳින් තෙතමාත්තු කළ අලටික ගැඹුරු තෙලට එක්කරන්න.

හොඳින් Crispy මට්ටමට පැමිණි විට බැදගත් අර්තාපල් ටික තෙලෙන් බාගන්න. ඉන්පසුව ලූණු කුඩු හා සුදු ගම්මිරිස් කුඩු එක්කර තරමක් මිශ්‍ර කරගන්න.

 

Butter Sauce සාදන ආකාරය
භාජනයක් ලිපතබා එයට Fortune කෘත්‍රිම විනාකිරි හා Fresh Cream එක්කරගන්න.
මෙයට කැබලි කපාගත් Beehive Margarine ද එක්කර ගන්න.

ඉන්පසුව ලිපේ ගින්දර මද වශයෙන් තබාගනිමින් මිශ්‍රණය හොඳින් මිශ්‍ර කරන්න.

පිළිගැන්වීමේදී තරමක් පැතලි දීසියක් තෝරාගන්න.එහි පිසගත් Brochette තබා එය මතුපිටින් බැදගත් Matchstick Potatoes තබාගන්න.ඉන්පසුව Star හැඩයට කපාගත් Lemon ගෙඩියක් හා පාස්ලි පොකුරක් එක්කර මෙය තවදුරටත් අලංකාර කරගන්නා අතරම සාදාගත් Butter Sauce එක ඒ මතට වත්කරන්න.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *