Brownies

බටර් කෝප්ප 1/2
සුදු සීනි කෝප්ප 1
බිත්තර 2
වැනිලා තේ හැඳි 1
කොකෝවා පවුඩර් කෝප්ප 1/3
පාන් පිටි කෝප්ප 1/2
ලුණු තේ හැඳි 1/4
බේකින් පවුඩර් තේ හැඳි 1/4

Frosting කරගැනීමට
බටර් මේස හැඳි 3
කොකෝවා පවුඩර් මේස හැඳි 3
මීපැණි මේස හැඳි 1
වැනිලා තේ හැඳි 1
සීනි කෝප්ප 1

1. අවන් එක ෆැරන්හයිට් අංශක 350ට රත් කරගන්න. අඟල් 8 කොටු හැඩැති පෑන් එකක් ගෙන එයට තෙල් මදක් හා පිටි ඉසගන්න.

2. විශාල සාස්පානක් ගෙන එයට බටර් කෝප්ප 1/2ක් එකතුකර මදක් රත්වෙන්නට හැර එයට සීනි, බිත්තර සහ වැනිලා තේ කෝප්ප 1ක් එකතු කරගෙන හැඳිගාගන්න. ඉන්පසු කොකෝවා කෝප්ප 1/3, පාන්පිටි කෝප්ප 1/2, ලුණු සහ බේකින් පවුඩර් එකතු කර කළවම් කර පෑන් එකට අතුරාගන්න.

3. ඉන්පසු අවන් එකට දමා විනාඩි 25-30 අතර බේක් කරගන්න.

4. Frosting කරගැනීමට මේස හැඳි 3. කොකෝවා මේස හැඳි 3, පැණි, වැනිලා තේ හැඳි 1 සහ සීනි කෝප්ප 1 හොඳින් කලවම් කරගෙන brownies මතින් උණු උණුවේම අතුරාගන්න.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *