Thai Vermicelli & Prawns in Hot Garlic Sauce

 

Thai Vermicelli (04 දෙනෙක් සඳහා)

අවශ්‍ය ද්‍රව්‍ය

Rice Vermicelli 400g
තරමක කැබලි ලෙස කපාගත් දැල්ලන් 250g
සිහින්ව පෙති කපාගත් බී ලුනූ 100g
සිහින්ව පොඩිකරගත් ඉඟුරු මේසහැඳි 01
Fortune Corn Oil මේස හැඳි 05
ලූණු, සුදු ගම්මිරිස් කුඩු හා දෙහි යුෂ ස්වල්පයක් රස පදමට
බිත්තර 04
කෝන් පිටි මේස හැඳි 02
සිහින්ව කපාගත් ලුනූ කොළ 100g
සිහින්ව කපාගත් වියළි මිරිස් කරල් 02
සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ මේස හැඳි 01
කහ කුඩු ස්වල්පයක්
Prawns in Hot Garlic Sauce (04 දෙනෙක් සඳහා)

අවශ්‍ය ද්‍රව්‍ය

පිරිසිදු කරගත් ඉස්සන් 600g
ලූණු, සුදු ගම්මිරිස් කුඩු හා සීනී ස්වල්පයක් රස පදමට
බිත්තර සුදුමද 02
කෝන් පිටි මේස හැඳි 04
දියකරගත් කෝන් පිටි මේස හැඳි 02
සිහින්ව පොඩිකරගත් බී ලුනූ හා සුදු ලුනූ මේස හැඳි 03 බැගින්
Fortune Vegetable Oil
Fortune Corn Oil මේස හැඳි 03
චිලී පේස්ට් මේස හැඳි 04
Fortune Tomato Sauce මේස හැඳි 04
වතුර කෝප්ප 02
සිහින්ව කපාගත් ලුනූ කොළ මේස හැඳි 02

Thai Vermicelli (04 දෙනෙක් සඳහා)
සාදන ආකාරය
පළමුව Rice Vermicelli තම්බා ගන්න. රස්නේ වතුරේ මිනිත්තු 02 ක් තම්බා ගත් Rice Vermicelli පෙරන
බඳුනකට එක්කර වතුර ඉවත්කර ගන්න. පෙරන බඳුනේ මූඩිය වසා තවත් මිනිත්තු 05 ක් තබා ගත් පසුව ගෑරුප්පුවකින්
හොඳින් කලවම් කරගන්න.

ලූණු, ගම්මිරිස් කුඩු, බිත්තර සුදුමද ස්වල්පයක් හා කෝන් පිටි ස්වල්පයක් එක්කර දැල්ලන් පදම් කරගන්න.
භාජනයක් ලිපතබා එය රත්වන විට Fortune Corn Oil එක්කරන්න.
පදම් කරගත් දැල්ලන් හොඳින් රත්වූ තෙල් එකට එක්කරන්න.
එය තෙම්පරාදු වන අතරම සිහින්ව කපාගත් බී ලුනූ, සිහින්ව පොඩිකරගත් ඉඟුරු එක්කර හොඳින් කලවම් කරමින්
පිසගන්න.
ඉන්පසු මෙයට බිත්තර හා කපාගත් වියළි මිරිස් එක්කර හොඳින් මිශ්‍ර කරමින් තෙම්පරාදු කරගන්න.
කහ කුඩු ස්වල්පයක්ද එක්කර කලින් පිසගත් Rice Vermicelli එක්කර ගන්න.
එයට රස පදම අනුුව ලූණු, ගම්මිරිස් සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ හා සිහින්ව කපාගත් ලුනූ කොළ එක්කර
හොඳින් මිශ්‍රකර ගන්න.
පිළිගැන්වීමේදී ලුනූ කොළ හා තක්කාලි කැබලි කිහිපයක් යොදාගනිමින් තවදුරටත් අලංකාර කරගන්න.
Prawns in Hot Garlic Sauce (04 දෙනෙක් සඳහා)
සාදන ආකාරය
පිරිසිදු කරගත් ඉස්සන් ලූණු කුඩු, සුදු ගම්මිරිස් කුඩු, බිත්තර සුදුමද ස්වල්පයක් හා කොන් පිටි ස්වල්පයක් එක්කර පදම්
කරගන්න.

භාජනයක් ලිපතබා එයට Fortune Vegetable Oil එක්කරන්න.
රත්වූ තෙල් එකට කලින් පදම් කරගත් ඉස්සන් එක්කර හොඳින් බැදගන්න.

වෙනත් භාජනයක් ලිපතබා එයට Fortune Corn Oil එක්කරන්න
තෙල් හොඳින් රත්වන විට සිහින්ව පොඩිකරගත් බී ලුනූ, සිහින්ව පොඩිකරගත් සුදු ලුනූ, වතුර හෝ ස්ටොක් වතුර හා චිලි
පේස්ට් එක්කර හොඳින් මිශ්‍ර කරගන්න.
මෙම මිශ්‍රණයට Fortune Tomato Sauce එක්කර සීනී හා ලූණු කුඩු ස්වල්පයක් එක්කර පදම් කරගන්න.
Sauce එක උතුරන මට්ටමට පැමිණි පසු දියකරගත් කෝන්පිටි එක්කර Sauce එක උකු කරගන්න.

ඉන්පසුව කලින් බැදගත් ඉස්සන් මෙයට එක්කර ගන්න.
පිළිගැන්විමේදී සිහින්ව කපාගත් ලුනූ කොළ ස්වල්පයක් එක්කරන්න.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *