Baked Chicken Pasta & Apple Coleslaw With Nuts

 

Baked Chicken Pasta (04 දෙනෙක් සඳහා)

අවශ්‍ය ද්‍රව්‍ය

පැස්ටා 250g
ලූණු කුඩු හා සුදු ගම්මිරිස් කුඩු රස පදමට
සිහින්ව පොඩිකරගත් බී ලුනූ හා සුදු ලුනූ මේස හැඳි 02 බැගින්
බේ ලීෆ් කොළ 02
රෝස්මරි හර්බ්ස් තේ හැඳි 01
අබ ක්‍රීම් මේස හැඳි 01
පාන් පිටි මේස හැඳි 04
පෙති කපාගත් කළු ඔලිව් ගෙඩි 05
නැවුම් කිරි කෝප්ප 03
කටු ඉවත්කර සිහින්ව කපාගත් කුකුළු මස් 250g
සිහින්ව ලියාගත් cheddar cheese 200g
සිහින්ව පොඩිකරගත් පාස්ලි හා තක්කාලිි ස්වල්පයක්
Fortune Corn Oil මේස හැඳි 03
Fortune කෘත්‍රිම විනාකිරි මේස හැඳි 02
Fortune Vegetable Oil මේස හැඳි 04
Apple Coleslaw With Nuts (04 දෙනෙක් සඳහා)

අවශ්‍ය ද්‍රව්‍ය

සිහින්ව දිගු අතට කපාගත් ගෝවා හා කැරට් 200g
පෙති කපාගත් බී ලුනූ 100g
Mayonnaise Sauce කෝප්ප 1
ලූණු කුඩු හා සුදු ගම්මිරිස් කුඩු රස පදමට
රෝස්ට් කරගත් කජුමද 100g
කොළ හා රතු ඇපල් ගෙඩි 01 බැගින්
සලාද කොළ 100g
තක්කාලි ගෙඩියක් හා පාස්ලි පොකුරක්
Stem Cherry ගෙඩි 02
Fortune කෘත්‍රිම විනාකිරි මේස හැඳි 02

 

Baked Chicken Pasta (04 දෙනෙක් සඳහා)

සාදන ආකාරය

පළමුව උතුරන වතුරට Fortune Vegetable Oil සහ ලූණු ස්වල්පයක් එක්කර පැස්ටා ටික කරමක වේලාවක් තම්බා ගන්න.

ලූණු කුඩු හා සුදු ගම්මිරිස් කුඩු එක්කර කුකුළු මස් කැබලි පදම් කරගන්න.

භාජනයක් ලිප තබා එය රත්වන විට එයට Fortune Corn Oil එකතු කරන්න.
ඉන්පසුව එයට පදම් කරගත් කුකුළු, මස් කුඩාවට පොඩිකරගත් බී ලුනූ, සිහින්ව අඹරාගත් සුදු ලුනූ, බේ ලීෆ් කොළ දෙකක්, රෝස්මරි හර්බ්ස් ස්වල්පයක් එක්කර හොඳින් මිශ්‍ර කරන්න.

මෙයට අබ ක්‍රීම්, පාන් පිටි, Fortune කෘත්‍රිම විනාකිරි හා නැවුම් කිරි එකතු කර කුකුළු මස් මිශ්‍රණය හොඳින් පිසගන්න.

ඉන්පසුව තම්බාගත් පැස්ටා කුකුළු මස් මිශ්‍රණයට එක්කර සියල්ල හොඳින් මිශ්‍රකර ලිපෙන් බා ගන්න.

උදුනක් (Oven)තුළ බහාලිය හැකි බඳුනක් තෝරාගන්න.
එයට සාදාගත් පැස්ටා මිශ්‍රණය එක්කරන්න. සිහින්ව ලියාගත් චෙඩා චීස් මතුපිටින් එක්කර ගන්න.
අලංකාර කර ගැනීම සඳහා කළු පාට ඔලිව් ගෙඩි කිහිපයක් එක්කර ගන්න.

ඉන්පසුව 200°C ක‍ උෂ්ණත්වයකට කලින් රත්කරගත් උදුනක විනාඩි 10ක් මෙම පැස්ටා මිශ්‍රණය බේක් කරගන්න. බේක් කරගත් පැස්ටා එක සරසා ගැනීමට සිහින්ව පොඩිකරගත් පාස්ලි කොළ ස්වල්පයක් හා තක්කාලි ස්වල්පයක්
මතුපිටින් ඉසගන්න.

Apple Coleslaw With Nuts (04 දෙනෙක් සඳහා)

සාදන ආකාරය

සිහින්ව කපාගත් ගෝවා හා කැරට් අයිස් වතුරට එක්කරන්න.
තරමක වේලාවක් එසේ තබාගත් පසු පෙරන බඳුනකට දමා වතුර හොඳින් ඉවත්වන තුරු තරමක වේලාවක් තබාගන්න.

ඇපල් ගෙඩි සිහින් තීරුවලට කපාගෙන බඳුනකට එක්කර ගන්න. එයටම සිහින්ව කපාගත් බී ලුනූ, ලූණු හා ගම්මිරිස් රස පදම අනුව හා Fortune කෘත්‍රිම විනාකිරි එක්කර මිශ්‍ර කරන්න.

එය මිශ්‍ර කරන අතරම කලින් අයිස් වතුරේ දමා වතුර පෙරාගත් එළවළු හා මයෝනීස් සෝස් මෙයට එක්කර ගන්න.

බඳුනක සලාද කොළ අතුරා ඒ මතට සාදාගත් සලාදය එක්කර ගන්න. ඉන්පසුව රෝස් කරගත් කජු මතුපිටින් ඉසගන්න.

තක්කාලි කැබලි කිහිපයක් Stem Cherry හා පාස්ලි ඉත්තක් එක්කර පිළිගැන්වීමට පෙර අලංකාර කර ගන්න.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *