Vegetable Biryani & Butter Chicken Masala

 

Vegetable Biryani (04 දෙනෙක් සඳහා)

Fortune Corn Oil මේස හැඳි 04
Beehive Plus Margarine 40g
Fortune Biryani Special Basmati Rice 500g
වතුර කෝප්ප 01 1/4 (සහල් ප්‍රමාණය මෙන්)
තරමක කැබලි ලෙස කපාගත් කැරට්, බෝංචි, අර්තාපල් හා Cauliflower 250g
තම්බාගත් ග්‍රීන්පීස් හා කෝන් ඇට 50g
බැදගත් Paneer 100g
පෙති කපාගත් බී ලුනූ හා තක්කාලි 200g
අමු මිරිස් කරල් 3
අඹරාගත් ඉඟුරු මේස හැඳි 02
අඹරාගත් සුදුලුනු මේස හැඳි 02
අඹරාගත් සුදුලුනු මේස හැඳි 02
මිංචි කොළ මේස හැඳි 02
කරදමුංගු, කරාබුනැටි හා කුරුඳු පොතු කැබැල්ලක්
Star Anise හා බේ ලීෆ් කොළ 02
Kashmiri Chilli Powder හෝ කහ කුඩු ස්වල්පයක්
Garam Masala කුඩු තේ හැඳි 01
සූදුරු කුඩු තේ හැඳි 01
මී කිරි කෝප්ප 01
Rose Essence බිංදු 03ක්
බැදගත් කජු හා සුල්තානා 100g
Butter Chicken Masala (04 දෙනෙක් සඳහා)

තරමක කැබලි ලෙස කපාගත් කුකුඵ මස් 600g
මී කිරි කෝප්ප 01
අඹරාගත් ඉඟුරු සහ සුදු ලුනූ මේස හැඳි 01 බැගින්
ලූණු හා දෙහි යුෂ ස්වල්පයක් රස පදමට
Garam Masala කුඩු තේ හැඳි 01
කොත්තමල්ලි කුඩු තේ හැඳි 01
සූදුරු කුඩු තේ හැඳි 01
Chaat Masala කුඩු තේ හැඳි 01
Kasuri Methi කුඩු ස්වල්පයක්
Kashmiri Chili Powder තේ හැඳි 01 1/2
අබ ක්‍රීම් මේස හැඳි 1/2
Fortune Corn Oil මේස හැඳි 04

Masala Gravy

Fortune Corn Oil මේස හැඳි 04
Beehive Plus Margarine මේස හැඳි 02
අඹරාගත් කජු මේස හැඳි 02
කරදමුංගු හා කරාබුනැටි ස්වල්පයක්
කුරුඳු පොතු කැබැල්ලක්
අඹරාගත් ඉඟුරු, සුදු ලුනූ හා බී ලුනූ මේස හැඳි 02 බැගින්
Kashmiri Chili Powder තේ හැඳි 01 1/2
නැවුම් කිරි කෝප්ප 1/2
වතුර කෝප්ප 01
ලූණු කුඩු ස්වල්පයක් රසපදමට
සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ මේස හැඳි 02

Vegetable Biryani (04 දෙනෙක් සඳහා)
සාදන ආකාරය

භාජනයක් ලිප තබා එයට Fortune Corn Oil හා Beehive Plus Margarine එකතුකරන්න.

මෙයට සිහින්ව කපාගත් බී ලුනූ, ඉඟුරු පේස්ට්, සුදු ලුනු පේස්ට්, කුරුඳු පොතු කැබැල්ලක්, කරාබු නැටි, කරදමුංගු, බේ ලීෆ්
කොළ, Star Anise, අමු මිරිස් හා සිහින්ව කපාගත් තක්කාලි එක්කරන්න.

ඉන්පසුව කපාගත් එළවළු, බැදගත් Paneer චීස් කැබලි, අර්තාපල්, තම්බාගත් ග්‍රීන් පීස් හා කෝන් ඇට එක්කර මිශ්‍රණය
ගෑරුප්පුවකින් මිශ්‍ර කරන්න.

මෙයට Kashmiri Chilli Powder, ගරම් මසාලා, කහ කුඩු ඉතාම ස්වල්පයක් හා රසපදම අනුව ලූණු කුඩු එක්
කරන්න.

මෙයට මීකිරි එක්කර ඉතා හොඳින් මිශ්‍ර කරගන්න.

සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ, සිහින්ව කපාගත් මිංචි කොළ හා සූදුරු ස්වල්පයක් එක්කර හොඳින් මිශ්‍රකර එයට
සෝදාගත් Fortune Biryani Special Basmati Rice එක්කර ගන්න.

සහල් මෙන් 1 1/4 ක වතුර ප්‍රමාණයක් එක්කර එය උතුරන තත්වයට පැමිණි පසු Rose Essence බිංදු 03 ක්
එක්කරගන්න.

භාජනය මුඩියකින් වසා විනාඩි 20ක් පමණ බත් එක මඳගින්නේ පිසගන්න.

විනාඩි 20කින් පමණ ලිප නිවා බත් එක ලිප මතම තවත් විනාඩි 07ක් හෝ 08ක් පමණ තබා ඉන්පසුව පිළිගන්වන්න

පිළිගැනිවීමේදී බැදගත් කජු, සුල්තානා හා කොත්තමල්ලි කොළ ස්වල්පයක් එක්කර ගන්න.
Butter Chicken Masala (04 දෙනෙක් සඳහා)

සාදන ආකාරය

කුකුඵ මස් කැබලි වලට ලූණු කුඩු හා දෙහි යුෂ එක්කර තරමක් පදම් කරගන්න

භාජනයකට මීකිරි, සුදු ලුනූ පේස්ට්, ඉඟුරු පේස්ට්, Garam Masala කුඩු, Chaat Masala කුඩු, කොත්තමල්ලි කුඩු
සූදුරු කුඩු, Kashmiri Chili Powder හා අබ ක්‍රීම් එක්කර මිශ්‍රකර ගන්න.

සාදාගත් එම පේස්ට් එකට කලින් පදම් කරගත් කුකුඵ මස් කැබලි එක්කර ගන්න.

සාස්පානකටFortune Corn Oil එකතු කරන්න.

පේස්ට් එක තවරාගත් කුකුඵ මස් කැබලි සාස්පාන මත තබා දෙපැත්ත හරවමින් බැදගන්න. තවත් සාස්පානකින් මෙම
සාස්පාන වසා කුකුඵ මස් කැබලි හොඳින් පිසගන්න.

Masala Gravy

භාජනයකට Fortune Corn Oil එක්කර හොඳින් රත්කර ගන්න.

රත්වූ තෙල් එකට ඉඟුරු, සුදු ලුනූ, කුරුඳු පොතු කැබැල්ලක්, කරාබු නැටි හා කරදමුංගු එක්කර ගන්න.

ඉන්පසුව මෙයට පේස්ට් ලෙසට සකසා ගත් තක්කාලි, කජු, Kashmiri Chili Powder ස්වල්පයක් හා රස පදම අනුව
ලූණු කුඩු එක්කරන්න.

මෙම Masala Gravy ඉදෙන අතරතුර පිසගත් කුකුඵ මස් කැබලි ද එක්කරන්න. Gravy උතුරන මට්ටමට පැමිණ කුකුඵ
මස් කැබලි තැම්ඛෙන විට නැවුම් කිරි හා කොත්තමල්ලි කොළ ස්වල්පයක් එක්කර මිශ්‍රකර ගන්න.

පිළිගැන්වීමේදී සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක් මතුපිටින් ඉසගන්න.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *