සෞඛ්‍ය සම්පන්න Onion Rings

එක පාරක් කෑවොත් තව තවත් කන්න හිතෙන රසබර ආහාරයක් තමයි කියන්නෙ Onion Rings. ඉතින් මේක සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්න කමින් අඩු ආහාරයක්. හැබැයි එහෙමයි කියලා බලාපොරොත්තු අත්හැරගන්න හොඳ නෑ. අපි Onion Rings සෞඛ්‍ය සම්පන්න ආකාරයට පිළියෙල කරගත යුතුයි. ඉතින් අද අපි කියලා දෙන්න යන්නෙ ඒ ආකාරය.

අවශ්‍ය ද්‍රව්‍ය
කිරි කෝප්ප 1
Fortune විනාකිරි මේස හැඳි 1
ලොකු බී ළුෑණු ගෙඩි 1, මුදු හැඩයට කපාගෙන
Fortune Vegetable Oil Spray
කෝන් පිටි කෝප්ප 1/2
පාන් පිටි කෝප්ප 1/2
ලුණු තේ හැඳි 1/2

සාදාගන්නා ආකාරය

කුඩා බෝල් එකක් ගෙන එයට කිරි සහ විනාකිරි එක්කර කලවම් කර විනාඩි 10ක් පමණ තබන්න.

ඉන්පසු එම මිශ්‍රණය මතින් මුදු හැඩයට කපාගත් ළුෑණු අතුරා එයට උඩින් කිරි වත්කරන්න.

අවන් එක අංශක 400ට රත් කරන්න. බේකින් ෂීට් එකක් ගෙන ඒ මතට තෙල් කඩදාසියක් අතුරා එයට වෙජිටබල් ඔයිල් ස්ප්‍රේ කරගන්න.

තවත් බෝල් එකක් ගෙන එයට පාන් පිටි එක්කර ගන්න.

දැන් ළුෑණු මුදු එකින් එක ගෙන පාන් පිටි සහිත බෝල් එකට දමා හොඳින් පාන් පිටි තවරාගන්න. ඉන්පසු කලින් සකසාගත් බේකින් කඩදාසිය මත අතුරා නැවත වෙජිටබල් ඔයිල් මදක් ස්ප්‍රේ කරන විනාඩි 10-15 බේක් කරගන්න.

ඉන්පසු ලුණු ඉස ආහාරයට ගන්න.

මෙය ගැඹුරු තෙලේ බැදගන්නවාට වඩා ඉතාමත් සෞඛ්‍ය සම්පන්නවේ.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *