Seafood Cantonese – Vegetable and Egg Fried Rice

 

Seafood Cantonese ( 04 දෙනෙක් සඳහා )

අවශ්‍ය ද්‍රව්‍ය

මොදා හෝ මලට් මාළු 250g
පිරිසිදු කරගත් ලොකු ඉස්සන් 400g
Rings ලෙස කපාගත් දැල්ලන් 400g
තරමක කැබලි ලෙස කපාගත් කකුළුවන් 400g
තරමක කැබලි ලෙස කපාගත් ඛෙල් පෙපර් 100g
Young Corn,Button Mushroom හා Black Mushroom
කුඩාවට පොඩි කරගත් ඉඟුරු, සුදු ලුනූ හා මේස හැඳි 02 බැගින්
සිහින්ව කපාගත් ලුනූ කොළ මේස හැඳි 02
රස පදමට ලූණු කුඩු, ගම්මිරිස් කුඩු හා සීනි ස්වල්පයක්
බිත්තර සුදු මද 02
කෝන් පිටි මේස හැඳි 04
Sesame Oil බිංදු 08
Fortune Vegetable Oil
Fortune Corn Oil
Fortune Oyster Sauce
Vegetable and Egg Fried Rice ( 04 දෙනෙක් සඳහා )

අවශ්‍ය ද්‍රව්‍ය

පිසගත් Fortune Everyday Basmati 500g
තරමක් කුඩා කොටු හැඩයට කපාගත් කැරට්, රාබු, වට්ටක්කා සහ ගෝවා 100g බැගින්
තරමක් කුඩාවට කපාගත් Button Mushroom හා Black Mushroom
තම්බාගත් ග්‍රීන් පීස් හා කෝන් ඇට 100g
සිහින්ව කපාගත් ලුනු කොළ 100g
බිත්තර 04
ලූණු කුඩු සහ සුදු ගම්මිරිස් කුඩු ස්වල්පය බැගින් රස පදමට
Fortune Corn Oil

 

Seafood Cantonese ( 04 දෙනෙක් සඳහා )

සාදන ආකාරය

පළමුව පිළියෙල කරගත් මාළු, ඉස්සන්, කකුළුවන් හා Rings ලෙස කපාගත් දැල්ලන් පදම් කරගන්න.
ඒ සඳහා සුදු ගම්මිරිස්, ලූණු කුඩු, බිත්තර සුදු මද හා කෝන් පිටි ස්වල්පයක් එක්කර හොඳින් මිශ්‍ර කරගන්න.

මෙසේ පදම් කරගත් seafood හොඳින් රත්වූ Fortune Vegetable Oil වල බැදගන්න.( මෙහිදී මාළු සියල්ල එක්වරම තෙලට එක්නොකර වෙන වෙනම මාළු වර්ග බැදගන්න)
Cantonese Sauce පිළියෙල කරගැනීම

භාජනයක් ලිප තබා එයට Fortune Corn Oil එක්කරන්න.
තෙල් හොඳින් රත්වන විට කුඩාවට පොඩිකරගත් ඉඟුරු හා සුදු ලුනූ හා සිහින්ව කපාගත් ලුනූ කොළ එක්කර ගන්න.
එය තරමක් තෙම්පරාදු වන විට වතුර හෝ ස්ටොක් වතුර එකතු කරන්න.

ඉන්පසු මෙයට Fortune Oyster Sauce  එක්කර ලූණු හා ගම්මිරිස් යොදා රස පදම් කරගන්න.
සීනී ස්වල්පයක්ද එක්කරන්න.

Sauce උතුරන මට්ටමට පැමිණි පසු එය උකු කරගැනීමට දියකරගත් කෝන් පිටි එක්කර හොඳින් මිශ්‍ර කරන්න.

ඉන්පසුව මෙම sauce එකට කලින් බැදගත් seafood එකතු කරන්න.
එයටම කලින් කපාගත් ඛෙල් පෙපර්,Young  Corn, Button Mushroom හා Black Mushroom එක්කර මාළු ටික පොඩි නොවන සේ පරෙස්සමින් මිශ්‍ර කරන්න. එය මිශ්‍ර කරන අතරම සිහින්ව කපාගත් ලුනූ කොළ හා Sesame Oil එක්කර ගන්න.

Vegetable and Egg Fried Rice (04 දෙනෙක් සඳහා)

සාදන ආකාරය

Fried Rice පිළියෙල කරගැනීමට පෙර ඒ සඳහා අවශ්‍ය Rice පළමුව පිළියෙල කරගන්න.
මේ සඳහා Fortune Everyday Basmati පිසගැනීමේදී සහල් ප්‍රමාණය මෙන් වතුර කෝප්ප 1 1/4 ක් භාවිතා කරන්න.
බත් ඇට එකිනෙක ඇලීම වළක්වා ගැනීමට Fortune Vegetable Oil ස්වල්පයක් එක්කර ගන්න.
මෙසේ පිසගත් බත් එක ශීතකරණයක මද වේලාවක් තබාගන්න.

භාජනයක් ලිප තබා Fortune Corn Oil එයට එක්කරන්න
තෙල් හොඳින් රත්වන විට එයට බිත්තර එක්කර ගන්න
ඉන්පසු බාගෙට තම්බාගත් එළවළු මෙයට එකතු කරන්න.
එයටම කෝන් ඇට හා ග්‍රීන් පීස් අවශ්‍ය ප්‍රමාණයට ලූණු හා සුදු ගම්මිරිස් මෙන්ම හතු එක්කර ගන්න.

ඉන්පසු පිසගත් Fortune Everyday Basmati Rice එක්කර ගන්න.
සිහින්ව කපාගත් ලුනූ කොළ ස්වල්පයක් ද එක්කර බත් එක හොඳින් මිශ්‍ර කරගන්න.

පිළිගැන්වීමේදී තක්කාලි කැබලි කිහිපයක් හා පාස්ලි ඉත්තක් එක්කර සරසා ගනිමින් අලංකාර කරගන්න.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *