String Hopper Pillow, Paneer and Gobi Matar

 

 

String Hopper Pillow ( 04 දෙනෙක් සඳහා)

අවශ්‍ය ද්‍රව්‍ය

Beehive Plus Margarine
තම්බා ගත් ඉඳිආප්ප 40
සිිහින්ව කපාගත් කැරට්, බෝංචි හා ලීක්ස් 450g
සිහින්ව කපාගත් බී ලුනූ 100g
තම්බාගත් ග්‍රීන්පීස් ඇට 40g
ලූණු කුඩු හා ගම්මිරිස් කුඩු රසපදමට
කුරුඳු පොතුකැබැල්ලක්
රම්පේ හා කරපිංචා
බැදගත් ලූනු කජු මද හා සුල්තානා
Paneer and Gobi Matar ( 04 දෙනෙක් සඳහා)

අවශ්‍ය ද්‍රව්‍ය

බැදගත් Paneer
කැබලි කපාගත් Cauliflower
තම්බාගත් ග්‍රීන්පීස්
අඹරාගත් බී ලුනූ 100g
අඹරාගත් සුදුලුනූ හා ඉඟුරු 50g බැඟින්
අඹරාගත් තක්කාලි 100g
අඹරාගත් කජු 50g
කුරුඳු පොතු කැබැල්ලක්
කරාබු නැටි හා කරදමුංගු ඇට 04ක් බැගින්
Kashmiri Chilli Powder මේස හැඳි 1/2
සූදුරු කුඩු මේස හැඳි 01
ගරම් මසාලා කුඩු මේස හැඳි 1 1/2
සිහින්ව කපාගත් අමු මිරිස් කරල් 03
සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ මේස හැඳි 02
ලූණු කුඩු රස පදමට
සිහින්ව කපාගත් ඉඟුරු හා සිහින්ව කපාගත් තක්කාලි
Fortune Corn Oil
කිරි කෝප්ප 1 1/2

 

String Hopper Pillow ( 04 දෙනෙක් සඳහා)

සාදන ආකාරය

භාජනයක් ලිප තබා තරමක රත් කරගන්න
රත්වූ භාජනයට Beehive Plus Margarine එක්කරන්න
ඉන්පසුව සිහින්ව කපාගත් ලුනූ, රම්පේ, කරපිංචා හා කුරුඳු පොතු කැබැල්ලක් එකතු කරන්න
එය හොඳින් තෙම්පරාදු වන අතරතුර මෙයට කපාගත් එළවළු (බෝංචි, කැරට්, ලීක්ස් සුදු පැහැ කොටස) මිශ්‍ර කරන්න
රස පදම අනුව ලූණු කුඩු ස්වල්පයක් එක්කරන්න
තම්බාගත් ඉඳි ආප්ප කුඩා කැබලි වන සේ වෙන්කරන්න
එසේ කැබලි කරගත් ඉඳි ආප්ප තෙම්පරාදු මිශ්‍රණයට එක්කර සියල්ල හොඳින් මිශ්‍ර කරන්න
ඉන්පසු බැදගත් කජු, බැදගත් සුල්තානා, සිහින්ව කපා බැදගත් ලුනූ, තම්බාගත් ග්‍රීන්පීස් හා ලීක්ස් කොළ පැහැ කොටස එක්කර භාජනය මූඩියෙන් වසා විනාඩි 05ක් පමණ මද ගින්නේ පිසගන්න

පිළිගැන්වීමේදී බැදගත් කජු, බැදගත් සුල්තානා හා බැදගත් ලුනූ මතුපිටින් ඉසගෙන සරසාගන්න
Paneer and Gobi Matar ( 04 දෙනෙක් සඳහා)

සාදන ආකාරය

පළමුව කපාගත් Fortune Vegetable Oil වල බැදගන්න
බැදගත් Paneer වතුර භාජනයකට එක්කර මද වේලාවක් තබාගන්න
ඉන්පසුව වතුර පෙරා ගන්න

භාජනයක් ලිප තබා එයට Fortune Corn Oil එක්කරන්න
තෙල් රත්වන විට අඹරාගත් බී ලුනූ, අඹරාගත් සුදු ලුනූ, අඹරාගත් ඉඟුරු, කුරුඳු පොතු කැබැල්ලක් කරඳමුංගු කරාබුනැටි හා සිහින්ව කපාගත් අමුමිරිස් කරල් 03ක් එක්කර හොඳින් තෙම්පරාදු කරගන්න

මෙම තෙම්පරාදු මිශ්‍රණයටම අඹරාගත් තක්කාලි එක්කර මිශ්‍ර කරන්න

ඉන්පසුව Kashmiri Chilli Powder, සූදූරු කුඩු, ගරම් මසාලා කුඩු හා රස පදමට ලූණු එක්කරන්න

මෙයට කැබලි කපාගත් Cauliflower එකතු කරගන්න

ඉන්පසුව භාජනයේ මූඩිය වසා Cauliflower තරමක් තම්බා ගන්න

මෙයට බැදගත් Paneer හා තම්බාගත් ග්‍රීන් පීස් එක්කර මිශ්‍ර කරගන්න
ඉන්පසුව ඉන්පසුව සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක් එක්කර යළිත් භාජනය මූඩියෙන් වසා මිනිත්තු 03ක් පමණ පිසගන්න

පිළිගැන්ව්මේදී සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ, සිහින්ව කපාගත් ඉඟුරු හා ඉතාම සිහින්ව කපාගත් තක්කාලි මතුපිටින් ඉසගෙන අලංකාර කරගන්න

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *