සෞඛ්‍ය සම්පන්න ඉඟුරු ෆ්‍රයිඩ් රයිස්

ෆ්‍රයිඩ් රයිස් කන්න කවුද අකමැති නේද? ඒ වගේම අපි දන්නවා ෆ්‍රයිඩ් රයිස් කියන්නෙ එතරම් සෞඛ්‍ය සම්පන්න ආහාරයක් නෙවෙයි. හැබැයි ඔබ කවදහරි ඉඟුරු ෆ්‍රයිඩ් රයිස් කාලා තියනවද? ගොඩක් අය කාලා නැහැ. සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවන්ට කැමති ඔබට මෙය කදිම ආහාරයක්. උත්සහ කරලා බලන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

රතු සහල් කෝප්ප 1
කපාගත් අමු ඉඟුරු මේස හැඳි 2
කපාගත් එලවළු කෝප්ප 2 (කැරට්, ලීක්ස්)
බිත්තර 2
Fortune Vegetable Oil මේස හැඳි 1
Fortune විනාකිරි මේස හැඳි 1
Fortune සෝයා සෝස් මේස හැඳි 4

සාදාගන්නා ආකාරය

මුලින්ම බත සාමාන්‍ය ආකාරයට පිසගන්න

ඒත් එක්කම බිත්තර දෙකත් සාමාන්‍ය ආකාරය scramble කරගන්න. ඒ කියන්නෙ තාච්චියකට දමා මදගින්නේ හැඳිගාගෙන පසෙකින් තබාගන්න

ඉන්පසු බඳුනක් ගෙන එය මද ගින්නෙහි ලිප තබා එයට තෙල් ස්වල්පයක් දමා එම තෙල් මදක් රත්වේගෙන එන විට එයට
ඉඟුරු එකතු කරන්න

විනාඩියකට පමණ පසු එහෙමත් නැත්නම් ඉඟුරු සුවඳ වහනය වීමට පටන්ගත් පසු එයට එලවළු එකතු කර මද ගින්නේ
තැම්බෙන්නට ඉඩහරින්න

එළවළු තැම්බු මෘදු ගතියට පැමිණි පසු එයට පිසගත් බත් සහ බිත්තර එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න

අවසාන වශයෙන් විනාකිරි සහ සෝයා සෝස් එක්කර මිශ්‍ර කරගන්න. දැන් ඔබගේ සෞඛ්‍ය සම්පන්න ඉඟුරු ෆ්‍රයිඩ් රයිස් එක ලෑස්තියි.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *