Creative Christmas Rice & Grilled Seafood Salad

 

 

Creative Christmas Rice

අවශ්‍යද්‍රව්‍ය

Fortune Everyday Basmati Rice
බැටළු මස් හෝ එළු මස් 250g
කුඩාවට පොඩිකරගත් බී ලුනූ
රෝස්මරි හෝ තයිම් හර්බ්ස්
තරමක කැබලි කපාගත් හතු
තම්බාගත් කඩල 100g
තම්බාගත් ග්‍රීන්පීස් 100g
ලූණු හා සුදු ගම්මිරිස් කුඩු රසපදමට
තරමක කැබලි කපාගත් ඛෙල් පෙපර් 150g
සිහින්ව පොඩිකරගත් හර්බ්ස් හෝ පාස්ලි ස්වල්පයක්
කජු හා සුල්තානා 100g
Fortune Corn Oil මේස හැඳි 04

Grilled Seafood Salad

අවශ්‍යද්‍රව්‍ය

පිරිසිදු කරගත් ඉස්සන් 250g
පිරිසිදුකරගත් කැබලි කපාගත් කකුළුවන් 250g
Rings ලෙස කපාගත් දැල්ලන් 250g
පෙති කපාගත් තෝරමාළු 250g
ලූණු කුඩු හා ගම්මිරිස් කුඩු රසපදමට
දෙහි යුෂ ස්වල්පයක්
අබ ක්‍රීම් ස්වල්පයක්
Iceberg සලාදකොළ
පෙතිකපාගත් ඛෙල් පෙපර් (වර්ණ තුනෙන්ම)
කොළපාට පිපිඤ්ඤා හා තක්කාලි
නැවුම් පාස්ලි පොකුරක් හෝ Dill Herbs
Fortune Corn Oil

Creative Christmas Rice

සාදන ආකාරය

භාජනයක් ලිප තබා එයට Fortune Corn Oil එක්කරන්න.
තෙල් හොඳින් රත්වන විට සිහින්ව පොඩිකරගත් බී ලුනූ, හර්බ්ස්, තම්බාගත් කඩල, තම්බාගත් ග්‍රීන් පීස්, ඛෙල් පෙපර්එ ක්කර හොඳින් මිශ්‍ර කරගන්න.
ඉන්පසු මෙයට තම්බාගත් බැටළු මස් හෝ එළු මස් එකතු කරන්න.
මිශ්‍ර කරගත් පසු සෝදාගත් Fortune Everyday Basmati Rice එකතු කර ගන්න.
සහල් ප්‍රමාණය මෙන් වතුර කෝප්පප 1 1/4 ක් හා හතු, රස පදම අනුව ලූණු හා සුදු ගම්මිරිස් එකතු කර භාජනය මූඩියෙන් වසා විනාඩි 25 ක් මද ගින්නේ පිසගන්න.

බත් එක පිසගත් පසු ලිපෙන් බා ගෙන තවත් විනාඩි 07ක්-08ක් පමණ භාජනයේ මූඩිය වසා තම්බාගන්න.
පිළිගැන්වීමේදී සුල්තානා, ගැඹුරු තෙලේ බැදගත් කජු මතුපිටින් ඉසගෙන බත් එක සරසා ගන්න.

Grilled Seafood Salad

සාදන ආකාරය

පෙති කපාගත් තෝර මාළු, ඉස්සන්, කකුළුවන් හා දැල්ලන් ලූණු කුඩු , සුදු ගම්මිරිස් කුඩු දෙහි යුෂ හා අබ ක්‍රීම් ස්වල්පයක් එක්කරගනිමින් පදම් කරගන්න.

සාස්පානක් ලිප තබා එයට Fortune Corn Oil එක්කරන්න.
තෙල් හොඳින් රත්වන විට පදම් කරගත් Seafood තෙලට එක්කර සාස්පාන මූඩියකින් වසා Seafood ටික Grill කරගන්න.

සලාදය පිළිගැන්වීමට තරමක් පැතලි භාජනයක් තෝරා ගන්න.
එහි Iceberg සලාද කොල අතුරා ගන්න.
ඉන්පසු පෙති කපාගත් ඛෙල් පෙපර් මතුපිටින් තබාගන්න.
පෙති කපාගත් කොළ පැහැ පිපිඤ්ඤා කැබලි කිහිපයක් තක්කාලි කැබලි කිහිපයක් ද මතුපිටින් තබාගන්න.
ඉන්පසු ඨරසකකැ කරගත් Seafood එළවළු මතුපිටින් තබාගන්න.

Salad ඩ්‍රෙසින් එක සාදා ගැනීම

භාජනයකට දෙහි ගෙඩියක යුෂ, දොඩම් ගෙඩියක යුෂ, අබ ක්‍රීම් මේස හැන්දක් හා Fortune Sunflower Oil මේස හැඳි 05 ක් එක්කර හොඳින් මිශ්‍ර කරගන්න. සුදු ගම්මිරිස් කුඩු හා ලූණු කුඩු එක්කර රසවත් කරගන්න.

සාදාගත් Salad ඩ්‍රෙසින් එක පිළියෙල කරගත් සලාදය මතුපිටින් වත් කරගන්න.

පිළිගැන්වීමේදී සිහින්ව ලියාගත් පාස්ලි ස්වල්පයක් මතුපිටින් ඉසගන්න. පාස්ලි පොකුරක් එක්කර සරසා ගන්න.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *