Hot Butter Cuttlefish & Chili Paste

 

 

Hot Butter Cuttlefish ( 04 දෙනෙක් සඳහා)

Chili paste

අවශ්‍ය ද්‍රව්‍ය

Fortune Corn Oil
වියළි මිරිස් කරල් 250g
සිහින්ව පොඩිකරගත් බී ලුනූ 100g
සිහින්ව පොඩිකරගත් ඉඟුරු 75g
සිහින්ව පොඩිකරගත් සුදුලුනූ 75g
සිහින්ව පොඩිකරගත් සේර 100g
Fortune Tomato Sauce 100 ml
ලූණු හා සීනි රසපදමට
බැදගත් ඉස්සන්

Hot Butter Cuttlefish

අවශ්‍ය ද්‍රව්‍ය

Rings ලෙස කපාගත් දැල්ලන් 600g
සිහින්ව කපාගත් මාලූ මිරිස් හා ලුනූකොළ 250g
ලූණු කුඩු හා ගම්මිරිස් කුඩු රසපදමට
වියළි මිරිස් කරල් 04
Batter
පාන් පිටි
Fortune Vegetable Oil
Beehive Plus Margarine
Chili paste මේස හැඳි 05

 

Hot Butter Cuttlefish (04 දෙනෙක් සඳහා)

සාදන ආකාරය

Chili Paste

පළමුව රතු වියළි මිරිස් කරල් උතුරන වතුරට එක්කර විනාඩි කිහිපයක් තබා වතුර පෙරා ගන්න.

ඉන්පසුව පොඟවාගත් මිරිස් කරල් ග්‍රයින්ඩරයකින් අඹරා ගන්න. භාජනයක් ලිපතබා එයට Fortune Corn Oil එක්කර ගන්න.

තෙල් හොඳින් රත්වන විට සිහින්ව පොඩිකරගත් බී ලුනූ, සුදුලුනූ, ඉඟුරු හා සේර එක්කර මඳ ගින්නේ බැදගන්න.

ඉන්පසුව මෙයට අඹරා ගත් මිරිස් එක්කර ලිපෙන් බාගෙන කලවම් කරන්න.
එයට තෙලේ බැදගෙන සිහින්ව පොඩිකරගත් ඉස්සන් එක්කර හොඳින් මිශ්‍රකර ගනිමින් යළිත් ලිප මත තබා Fortune Tomato Sauce, සීනී හා ලූණු එක්කර හොඳින් මිශ්‍ර කරන්න.

ඉන්පසුව පිසගත් chili paste එක වෙනත් බඳුනකට එක්කර ගන්න.

 

Hot Butter Cuttlefish
ලූණු හා සුදු ගම්මිරිස් කුඩු එක්කර Rings ලෙස කපාගත් දැල්ලන් හොඳින් පදම් කරගන්න.
භාජනයක් ලිප තබා එයට Fortune Vegetable Oil එක්කරන්න. පදම් කරගත් දැල්ලන් පාන්පිටි වල තවරා බැටරයේ දවටා ගනිමින් රත්වූ තෙලට එක්කර ගන්න. දැල්ලන් කැබලි රන්වන් පැහැ වන තුරු බැදගන්න.

බැටරය සාදා ගැනීම

පාන් පිටි 100g
කෝන් පිටි 40g
බේකින් පවුඩර් තේ හැඳි 01
බිත්තර 02
අයිස් වතුර
සාදන ආකාරය
පාන් පිටි, කෝන් පිටි, බේකින් පවුඩර් හා බිත්තර එක්කර එය තරමක් උකුවට සිටින සේ අයිස් වතුරෙන් අනා ගන්න.

භාජනයක් ලිප තබා එයට Beehive Plus Margarine එක්කරන්න.
Margarine හොඳින් රත්වූ පසු සිහින්ව කපාගත් මාලූ මිරිස්, ලුනූ කොළ වලින් කොටසක් හා රතු වියළි මිරිස් කරල් එක්කර හොඳින් මිශ්‍ර කරන්න.
එයටම chili paste එක්කර මිශ්‍ර කරන්න.

ඉන්පසු බැදගත් දැල්ලන් රස පදම අනුව ලූණු ගම්මිරිස් හා ඉතිරි මාලූ මිරිස් හා ලුනූ කොළ එක්කර පොඩි නොවන සේ මිශ්‍ර කරන්න.

වැඩි වේලාවක් පිස ගැණිමෙන් තොරව ඉක්මණින් ලිපෙන් බාගෙන සාදාගත් Hot Butter Cuttlefish පිළිගන්වන්න.

 

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *