Thai Red Chicken Curry

 

 

Thai Red Curry Paste

අවශ්‍යද්‍රව්‍ය

වතුරේ පොඟවා ගත් රතු මිරිස් කරල් 14
ගම්මිරිස් ඇට තේ හැඳි 01
සූදුරු කුඩු තේ හැඳි 01
කොත්තමල්ලි කුඩ තේ හැඳි 01
සිහින්ව කපාගත් කොත්තමල්ලි ගහේ මුල කොටස මේස හැඳි 01
සුදු ලුනූ බික් 12
සිහින්ව කපාගත් ඉඟුරු මේස හැඳි 01
සිහින්ව කපාගත් බී ලුනූ 100g
සේර දඬු කැබැල්ලක්
සිහින්ව ගා ගත් දෙහි ලෙල්ල මේස හැඳි 01
ඉස්සන් පේස්ට් මේස හැඳි 01
ලූණු කුඩු ස්වල්පයක් රසපදමට
Thai Red Chicken Curry ( 04 දෙනෙක් සඳහා)

අවශ්‍යද්‍රව්‍ය

පිරිසිදුකර තරමක කැබලි කපාගත් කුකුළු මස් කැබලි 08ක්
Thai Red Curry Paste මේස හැඳි 04
වතුර කෝප්ප 02
ලූණු හා දෙහි යුෂ ස්වල්පයක් රසපදමට
Fish sauce
පොල් කිරි කෝප්ප 1
සිහින්ව කපාගත් බී ලුනූ මේස හැඳි 04
සීනි ස්වල්පයක්
සිහින්ව කපාගත් කොත්තමල්ලි මේස හැඳි 02
තරමක කැබලි ලෙස කපාගත් බෝංචි හා ඛෙල් පෙපර්
Fortune Corn Oil මේස හැඳි 04

 

Thai Red Chicken Curry ( 04 දෙනෙක් සඳහා)

සාදන ආකාරය

Steam rice

සාදන ආකාරය

සෝදාගත් Fortune Everyday Basmati Rice රයිස් කුකර් එකට එක්කර සහල් ප්‍රමාණය මෙන් වතුර කෝප්ප 1 1/4 ක් යොදා බත් එක පිසගන්න මෙයට ලූණු කුඩු ස්වල්පයක් හා Fortune Vegetable Oil ස්වල්පයක් එක්කර ගන්න.
Thai Red Curry Paste

සාදන ආකාරය

වතුරේ පොඟවාගත් වියළි මිරිස් කරල්, කොත්තමල්ලි කුඩු, සූදුරු කුඩු, ගම්මිරිස් ඇට, කොත්තමල්ලි ගහේ මුල කොටස,
සුදු ලුනූ, සිහින්ව කපාගත් ඉඟුරු, බී ලුනූ, සිහින්ව ගා ගත් දෙහි ලෙල්ල, ඉස්සන් පේස්ට් හා සිහින්ව කපාගත් සේර දඬු
කැබැල්ලක් යන මේ සියල්ල සමඟ වතුර ස්වල්පයක් බ්‍රෙන්ඩරයකට දමා පේස්ට් එකක් වන තෙක් හොඳින් අඹරාගන්න
Thai Red Chicken Curry

සාදන ආකාරය

කුකුළු මස් කැබලි වලට දෙහි යුෂ හා ලූණු ස්වල්පයක් එක්කර හොඳින් මිශ්‍රකර ගන්න
ඉන්පසු මෙම කුකුළු මස් කැබලි පැයක් පමණ කාලයක් පදම් වීමට තබාගන්න

භාජනයක් ලිප තබා එය රත්වන විට ඊට Fortune Corn Oil එකතු කරන්න
එයට සිහින්ව කපාගත් බී ලුනූ එක්කර එය රන්වන් පැහැ වනතුරු තෙම්පරාදු කරගන්න
ඉන්පසු එයට Thai Red Curry Paste එකතු කරන්න
අනතුරුව වතුර හා Fish sauce එක්කරන්න
හොඳින් මිශ්‍රකර curry එක උතුරන තුරු භාජනය මූඩියකින් වසා පිසගන්න
curry එක උතුරන විට එහි මතුපිට පෙන හැන්දක් ආධාරයෙන් ඉවත් කරගන්න
ඉන්පසුව කලින් පදම් කරගත් කුකුළු මස් කැබලි හා පොල් මිටි කිරි එකතු කර භාජනය මූඩියකින් වසා
මස් ටික තැම්ඛෙන තුරු හොඳින් පිසගන්න

ඉන්පසුව curry එකට බාගෙට තම්බාගත් බෝංචි, රතු පැහැ ඛෙල් පෙපර් හා සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ
ස්වල්පයක් එක්කර ගන්න

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *