සෞඛ්‍ය සම්පන්න අලිගැටපේර පැස්ටා

අලිගැටපේර පැස්ටා? කාලා තියෙනවද මීට කලින්? ගොඩක් අය කාලා නැතුව ඇති. නම ඇසුන පමණින් එතරම් කටට හුරුකෑමක් නොවෙන්නට පුලුවන්. නමුත් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවන් ගැන වැඩි සැලකිල්ලක් දක්වන ඔබ මෙය
මඟහරින්නේ නම් නෑ.

අවශ්‍ය ද්‍රව්‍ය

අලිගැටපේර ගෙඩි 1
දෙහි ගෙඩි භාගයක යුෂ
සුදු ළුෑණු බික් 2-3
ලුනු තේ හැඳි 1/2
Fortune Vegetable Oil මේස හැඳි 2
පැස්ටා
ගම්මිරිස් ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

භාජනයක් ලිප තබා එයට වතුර එක්කරන්න. ඉන්පසු වතුර රත්වී නටන මට්ටමට පැමිණි පසු එකට පැස්ටා එකතුකර විනාඩි 8-10ක් පමණ තම්බාගන්න.

ඒ අතරතුර බ්ලෙන්ඩර් එක ගෙන එයට අලිගැටපේර, ලුනු, සුදු ළුෑණු බික්, දෙහි යුෂ සහ එලවළු තෙල් එකතු කරගෙන
හොඳින් ක්‍රීම් වනතුරු බ්ලෙන්ඩ් කරගන්න.

පැස්ට තැම්බී අවසානවූ පසු එය වතුර පෙර වෙනත් බඳුනකට දමා එයට අප සකසාගත් ක්‍රීම් එක සහ ගම්මිරිස් මදක් එකතු
කර හොඳින් කලවම් කරගන්න.

දැන් ඔබේ සෞඛ්‍ය සම්පන්න අලිගැටපේර පැස්ටා එක ලෑස්තියි.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *