Cookie Crisps

සමහර වෙලාවට sweet and crunchy මොනාහරි දෙයක් හපන්න තියෙනවා නම් කියලා හිතිච්ච වාර අනන්තයි. හැබැයි ඩයට් එක හැමදේටම හරස් වෙලා නේද? අපි ඉන්නකම් ඒ ගැන වදවෙන්න එපා. මොකද අපි ඔයාලට හැමදාම ගේන්නෙ කන්න ආස හිතෙන සෞඛ්‍ය සම්පන්න කෑම ජාති. ඉතින් අද බලමු ඒ ආකාරයට කුකීස් හදාගන්නෙ කොහොමද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය

තිරිඟු පිටි කෝප්ප 2
බේකින් සෝඩා මේස හැඳි 1/2
ලුනු තේ හැඳි 1/4
කුරුඳු තේ හැඳි 1
ඉඟුරු තේ හැඳි 1/2
මාගරින් මේස හැඳි 4
කැනෝලා ඔයිල් මේස හැඳි 2
රතු සීනි කෝප්ප 1/3
මී පැණි කෝප්ප 1/3
බිත්තර 1

සාදාගන්නා ආකාරය

අවන් එක ෆැරන්හයිට් අංශක 350ට රත් කරගන්න. බේකින් ෂීට් දෙකකට කුකින් ස්ප්‍රේ එකකින් ස්ප්‍රේ කරගන්න.

බෝල් එකක් ගෙන එයට තිරිඟු පිටි, බේකින් සෝඩා, ලුනු, කුරුඳු සහ ඉඟුරු එක්කට හොඳින් කලවම් කර පැත්තකින් තබන්න.

ඉන්පසු වෙනත් බෝල් එකක් ගෙන එයට මාගරින්, තෙල්, සීනි, මී පැණි සහ බිත්තර එකතුකර කලින් බෝල් එකෙහි කලවම් කලදෑ ද මෙයට එකතුකර හොඳින් ක්‍රීම් එකක් වනතුරු මිශ්‍ර කරගන්න.

දැන් මේස හැන්දක් ගෙන මිශ්‍රණයෙන් හැන්ද පිරෙන්නට ගෙන බේකින් ෂීට් එක මතට හැන්ද හැන්ද දමන්න. ඉන්පසු විනාඩි 10-12 බේක් වෙන්නට හෝ රන්පැහැ වනතුරු බේක් වෙන්නට හැර එළියට ගෙන විනාඩි 5ක් පමණ නිවෙන්නට හරින්න.

දැන් ඔබගේ කුකීස් ලැහැස්තියි.

NUTRITION (per serving) 200 calories, 3 g protein, 31 g carbohydrates, 8 g fat,
1 g saturated fat, 20 mg cholesterol, 170 mg sodium, 3 g fiber

Comments