ඔබට ඇනවුම් කළ හැකි ලෝකෙ ලොකුම තනි කෑම දීසිය

ඔබට අවන්හලකින් ඇනවුම් කළ හැකි ලෝකෙ ලොකුම කෑම දීසිය මොකක්ද? මේක තමයි දැනට කෑම මෙනු එකක තියන ලොකුම තනි කෑම දීසිය. හැම අවන්හලකම නැතිවුනත් ඔබට ගොඩක් වෙලාවට මෙම දීසියේ රස බලන්න නම් අරාබිකරයට යන්න වෙනවා. මේ කෑම එකට නම දාලා තියෙන්නෙ “Camel Turducken” කියලා. ගොඩක් වෙලාවට සෞදි අරාබිය වගේ අරාබි රටවල් වල මගුල් ගෙවල් හෝ විශේෂ සාද වලට මෙම කෑම දීසිය පිළියෙල කරනු ලබනවා.

 

2_Stuffed-Camel

 

මොනවද මේ කෑම දීසියෙ අඩංගු වෙන්නෙ? මේකෙ අඩංගු වෙනවා වැඩුනු සම්පූර්ණ ඔටුවෙක්. මේ ඔටුවාගේ ඇතුළත කොටස් ඉවත් කර ඒ වෙනුවට බැටළුවන් හෝ බැටළු පැටවුන් කිහිපදෙනෙකු පුරවනු ලබනවා. හැබැයි ඒ නිකන් බැටළුවන් නම් නෙමෙයි. ඒ බැටළුවන්ගෙ ඇතුළත පුරවලා තියෙන්නෙ කුකුල් මස් වලින් හෝ මාළු වලින්. මේ තඩි කැලරි බෝම්බය මුලින් උණු වතුරෙහි තම්බා ගන්නවා. ඉන්පසු ඔටුවාගේ මස් හොඳින් කරවනතුරු ගිනි අඟුරු මතින් පුළුස්සා ගන්නවා. මෙම දීසිය පිළියෙල කිරීමට ගතවන සම්පූර්ණ කාලය පැය 24ක්. ඉතින් මේ රීදි දීසියකට පිළියෙල කරලා දුන්නම පිහි ගෑරුප්පු වලින් කටු ටික ඉතුරු වෙනකම් වගකියන්න තමයි තියෙන්නෙ. සාමාන්‍යයෙන් මේ එක දීසියකට වග කියන්න මිනිස්සු 80-100කට වගේ පුලුවන්ලු.

 

10609135266_fbc8b39944_o

 

Comments