Rice Pudding කමුද?

අවශ්‍ය ද්‍රව්‍ය
පොල්කිරි කෝප්ප 1
මී පැණි මේස හැඳි 1
පිසින ලද සුදු හෝ රතු බත් කෝප්ප 1
කුරුඳු ස්වල්පයක්

සාදාගන්නා ආකාරය
මුලින්ම පොල්කිරි කුඩා බඳුනකට දමා මද ගින්නේ ලිප තබාගන්න.

පොල්කිරි උකුවේගෙන එනවිට එයට මීපැණි එකතුකරගෙන හොඳින් කලවම් කරගන්න. එයටම බත් එකතුකරගෙන හොඳින් කලවම් කරගන්න.

මිශ්‍රණය මදගින්නේ විනාඩි 5ක් පමණ තැම්බෙන්නට ඉඩහරින්න. එහි අවසානයේ ද්‍රවගතිය හිඳීගොස් මිශ්‍රණය උකුවී තිබිය යුතුයි.

දැන් ඒ මතට කුරුඳු එක්කර පිලිගන්වන්න.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *