Chicken Meatloaf හදමු

අවශ්‍ය ද්‍රව්‍ය

Fortune Vegetable Oil තේ හැඳි 1
සුදු ළුෑණු බික් 2
ලුනු තේ හැඳි 1
තුනපහ කුඩු තේ හැඳි 2
බිත්තර සුදුමද කෝප්ප 1/4
අඹරාගත් අමු කුකුල්මස් කිලෝග්‍රෑම් 1
Fortune Tomato Sauce කෝප්ප 1
කපාගත් බී ළුෑණු කෝප්ප 1
කපාගත් බෙල්පෙපර් කෝප්ප 1

සාදාගන්නා ආකාරය

මුලින්ම අවන් එක ෆැරන්හට් අංශක 400ට රත්වෙන්නට ඉඩහරින්න.

දැන් පෑන් එකක්ගෙන එයට වෙජිටබල් ඔයිල් එක්කර එයට බී ළුෑණු, බෙල්පෙපර්, සුදු ළුෑණු එකතුකර බී ළුෑණු රන්වන්
පැහැවනතුරු පිසගන්න.

ඉන්පසු බෝල් එකක් ගෙන එයට කුකුල්මස් ටික දමා බිත්තර සුදුමද සහ තුනපහ එකතුකර හොඳින් කලවම් කරගන්න.

ඉන්පසු පර්ච්මන්ට් කඩදාසියක් ගෙන ඒ මතට මිශ්‍රණය අඟලක් පමණ ඝනකම් වනතෙක් අතුරාගන්න. ඉන්පසු අපි කලින්
පිසගත් මිශ්‍රණය අතුරාගත් කුකුල්මස් මිශ්‍රණය මත මැදින් අතුරාගෙන කුකුල්මස් මිශ්‍රණය රෝල් කරගන්න.

දැන් පර්ච්මන්ට් කඩදාසිය ඉවත් කරගෙන රෝල අඟල් එකහමාරේ පෙති වලට කපාගන්න.

දැන් එම පෙති මෆින් ට්‍රේ එකක දමා විනාඩි 40ක් පමණ බේක් කරගන්න.

ඉන්පසු ඒ මතට තක්කාලි සෝස් එක්කර නැවත විනාඩි 20ක් පමණ බේක් කරගන්න.

දැන් ඔබේ Chicken Meatloaf එක සූදානම්.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *