වටලප්පන් හදමු

ළඟ එන රාමසාන් සමයට අපි දැන් දැන්ම අපේ මුස්ලිම් යාලුවොන්ගෙන් ඉල්ලන එක දෙයක් තමයි වටලප්පන්. මොකද අපි ඒ තරම් වටලප්පන් කන්න ආස නිසා. කොහොම වුනත් මේක හදන්න එච්චර අමාරු නෑ. අද අපි බලමු වටලප්පන් සාදාගන්නා ආකාරය.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • බිත්තර 5
  • කිතුල් හකුරු 250g
  • පොල් කිරි හෝ කිරි 250ml
  • වැනිලා
  • කජු හෝ සුල්තානා 50g

මුලින්ම හකුරු ටික ග්‍රේට් කරගන්න. ඊටපස්සේ එයට පොල්කිරි ටික එකතු කර හොඳින් දිය කරගන්න. බිත්තර ටික වෙනම භාජනේකට කඩල දාල එයට වැනිලා එකතු කරලා හොදට බීට් කරගන්න. (බිත්තර බීට් කරන තරම අනුව තමා වටලප්පන් එක කැපුවම ඇතුලෙ ලස්සනට බුබුළු බුබුළු හිටින්නෙ) දැන් හකුරු,පොල්කිරි,බිත්තර සියල්ල එකතු කර හොදින් ගසාගන්න. ඉන්පසුව එම මිශ්‍රණය බදුනකට දමා හොදින් වසාගෙන විනාඩි 40ක් පමණ ස්ටීම් කරගන්න. නැතහොත් අවන් එකක 180 c, විනාඩි 45 පමණ තම්බා ගත හැක. ඉන්පසුව රසම රස වටලප්පන් එක උඩින් කජු හෝ සුල්තානා දමා සරසාගෙන ශිතකරන්යේ තබා පසුව ආහාරයට ගන්න.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *