Chicken Pakora හදමු

අවශ්‍ය ද්‍රව්‍ය

සාමාන්‍ය ප්‍රමාණයට කපාගත් කුකුල් මස් කෝප්ප 1/2
කපාගත් බී ළුෑණු කෝප්ප 1/2
කපාගත් අමුමුරිස් කරල් 2
අඹරාගත් ඉඟුරු සුදුළුෑණු මිශ්‍රණයෙන් තේ හැඳි 1
කපාගත් ඉඟුරු කැබලි තේ ගැඳි 1
දෙහි යුෂ මේස හැඳි 1
මිරිස් කුඩු තේ හැඳි 1/2
ගරම් මසාලා තේ හැඳි 1/2
කහ කුඩු තේ හැඳි 1/8
රස අනුව ලුණු
කරපිංචා කොළ ස්වල්පයක්
කඩල පිටි මේස හැඳි 6
කෝන්පිටි මේස හැඳි 1
Fortune Vegetable Oil

සාදාගන්නා ආකාරය

මුලින්ම කුකුල් මස් කැබලි හොඳින් සෝදාගෙන වතුරා බේරාගන්න

ඉන්පසු කුකුල් මස් කැබලි බෝල් එකකට දමා එයට බී ළුෑණු, කරපිංචා, ඉඟුරු, ඉඟුරු සුදුළුෑණු මිශ්‍රණය, අමුමිරිස්, මිරිස් කුඩු,
මසාලා පිටි, කහ කුඩු, දෙහි යුෂ සහ ලුණු එකතුකර හොඳින් මිශ්‍රකරන්න. ඉන්පසු පැය භාගයක් පමණ පසෙකින් තබාගන්න

දැන් බඳුනකට Fortune Vegetable Oil දමා ගැඹුරු තෙලෙහි බැදගැනීමක් සඳහා රත්කර සූදානම් කරගන්න

ඉන්පසු පෙර මිශ්‍රණයට කෝන්පිටි සහ කඩල පිටි එකතුකර මිශ්‍රකර චිකන් කැබලි තෙලට දමා බැදගන්න

චිකන් කැබලි රන්වන් පැහැවනතුරු බැදගෙන තෙලෙන් බාගන්න

දැන් ඔබේ අපූරු රාමසාන් ආහාරය සූදානම්

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *