Soan Papdi හදමු

අවශ්‍ය ද්‍රව්‍ය

කඩල පිටි කෝප්ප 1/2
පාන් පිටි කෝප්ප 1/2
සීනි කෝප්ප 1
වතුර කෝප්ප 1/2
ගිතෙල් කෝප්ප 1/2
එනසාල් ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

ලොකු සාස්පානක් ගෙන එයට ගිතෙල් දමා මදගින්නේ රත්කරගන්න
දැන් එම සාස්පානට කඩල සහ පාන් පිටි එකතුකර ලා දුඹුරු පැහැවනතුරු කර කරගන්න. ඉන්පසු ලිපෙන් බාගෙන ලොකු
බෝල් එකකට දමා පසෙකින් තබාගන්න
වෙනත් භාජනයක් ලිපතබා එයට සීනි සහ වතුර එකතුකර සීනි සිරප් වනතුරු රත් කරගන්න. වතුර අඩු හෝ වැඩි නැතිව
නිවැරදිම සිරප් එක සාදාගැනීම ඉතාම වැදගත්.
ඉන්පසු බෝල් එකකට සිරප් සහ කලින් සාදාගත් පිටි මිශ්‍රණය එකතුකර හොඳින් මිශ්‍ර කරගන්න. ඒත් එක්කම ගෑරුප්පුවකින්
හොඳින් බීට් කරගන්න
ඉන්පසු එම මිශ්‍රණය බේකින් තැටියකට දමා අඟලක පමණ ඝණකමට තුනී කරගන්න
පැය භාගයක් පමණ තබා කොටුහැඩැති කැබලි වලට කපාගන්න

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *