Coconut Burfi හදමු

අවශ්‍ය ද්‍රව්‍ය

ගාගත් පොල් කොප්ප 2
සීනි කෝප්ප 1.5
ගිතෙල් තේ හැඳි 1
එනසාල් කුඩු තේ හැඳි 1/8
කජු ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

පෑන් එකක් ගෙන එයට ගිතෙල් දමා රත්වන විටම කජු එකතුකරගෙන මදක් කර කරගන්න
ඉන්පසු එයට සීනි සහ පොල් එකතුකර මදගින්නේ කලවම් කරගන්න
මිශ්‍රණය මෘදු ඇලෙන ගතියක් ගැනීමට පටන්ගන්නවා. දිගටම කලවම් කරන්න මිශ්‍රණය එකතුවී තනි ගුලියක් වනතුරු
ඉන්පසු එය තෙල් තැවරූ තැටියක් මත ඉක්මණින් අතුරාගන්න. හොඳින් මට්ටම් කරගන්න
දැන් එය නිවීයාමට පෙර කිරිටොෆි කපාගන්නා ආකාරයට කපාගන්න
ඉන්පසු නිවෙන්නට හැර සුලං නොවදින භාජනයක ගබඩාකර ආහාරයට ගන්න

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *